පාසලේ ඉතිහාසය

මෙම මස පැවැත්වීම‍‍ට ‍‍නි‍යමිත පෙ‍ාහොය දින සැමරුම ...

නව නිපැයුම් ප්‍රදර්ශනය

විවිධ ප්‍රසංගය ප්‍රාථමික අංශය 2023

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

  • පාසලේ ඉතිහාසය

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ, බෙලිගහ පත්තුවේ මීරිගම මැතිවරණ කොට්ඨාශයේ අංක 360 C රදාවඩුන්න ග්‍රාමසේවා වසමට අයත් බප/මිනු/ සිරි මිහිඳු මහ විදුහල ප්‍රදේශයේ අභිමානවත් පාසලකි.

            1933 ඔක්තොම්බර් මස 01 වන දින R.R. පෑලිස්, ඉසං හා R.P.තේමිස් යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මෙම පාසල ආරම්භ කර , 1933 නොවැ. 01 දින රජයේ මිශ්‍ර පාසලක් ලෙස ලියා පදිංචි කරන ලදී.

1947 න් පසුව S.S. මිරිහාගල්ල විදුහල්පතිතුමා  අ.පො.ස. (සා.පෙළ) පංතියත්, 1979 වරෂයේ විදුහල්පති H.S. ප්‍රේමතිලක මහතා අ.පො.ස. (උ.පෙළ) පංතියත් ආරම්භ කර මෙය මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී.ඉන් පසුව A.P.K. කරුණාදාස මයා විදුහල්පති ධූරය දරූ අතර 2002 වර්ෂයේ R. විජේරත්න මයා විදුහල්පති තනතුරට පත්වීමෙන් පසුව සෑම අංශයකින්ම විදුහලේ සීඝ්‍ර වර්ධනයක් සිදු විය. 2004 වර්ෂයේ නවෝද්‍යා ව්‍යාපෘතියට මෙම පාසල ඇතුලත් වීමත් සමඟ එහි ප්‍රතිඵලයක් ලෙස අංග සම්පූර් ණ CLCපරිගණක විද්‍යාගාරයක් පාසලට හිමි විය.

                        ඉන්පසුව 2010 පෙබරවාරි 10 දින පූජ්‍ය රදාවඩුන්නේ  ඤාණවිමල හිමියන් විදුහල්පති ධූරයට පත්විය. උන්වහන්සේගේ නායකත්වය යටතේ මෙම විද්‍යාලය සිඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන්නට විය. රජයේ කිසිදු අනුග්‍රහයකින් තොරව ගම්වාසීන්ගේ දායකත්වයෙන් අක්කර 3ක පමණ විශාල ක්‍රීඩා පිටියක්ද, දේශපාලඥයන්ගේ ප්‍රතිපාදන මත නර්තන කාමරයක්ද, වෙනත් ප්‍රතිපාදන මත කාමර 6කින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ලක්ද ඉදි කරන ලදී.

            විදුහල්පති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි අත්තනගල්ල අරහන්ත රජමහා විහාරාධිපති , සීනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක ඇමරිකාවේ හ්‍යුස්ටන් බෞද්ධ විහාරාධිපති තායිවානයේ තේරවාදි බෞද්ධ  විහාරාධිපති, මහෝපාධ්‍යය ආචාරය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ පූරණ ධන පරිත්‍යාගයෙන් පංති කාමර සහිත තෙමහල් ගොඩනැගිල්ලක් පාසලට හිමිකර ගැනීමටද අවස්ථාව උදාවිය.

            වර්තමානය වන විට  පාසලේ ආචාර්ය මණ්ඩලය 57 ක් දක්වා ද , ශිෂ්‍ය සංඛ්‍යාව 1280 දක්වාද වර්ධනය වී ඇත.සෑම වරෂයකම නර්තන, ඉංග්‍රීසි, සෞඛ්‍යය,සිංහල, සමාජ විද්‍යාව, විද්‍යාව, ගණිතය හා ප්‍රාථමික කොට්ඨාස, කලාප, පළාත්, සමස්ත ලංකා , තරග ජයග්‍රහණ ලබා ගැනීිමට සිසුන්ව මෙහෙයවීමට ආචාර්ය මණ්ඩලය සමත්ව ඇත. වර්ෂයෙන් වර්ෂය ජාතික විභාගයන්හි ප්‍රතිඵල සංවර්ධනය වෙමින් පවතී. අ.පො.ස. උසස් පෙළ විෂයන් තුන සදහාම විශිෂ්ඨ සාමාර්ථ ලද දරුවන් කිහිපදෙනෙකුම සිටීම අප පාසල ලබා ගත් ඉහළ ජයග්‍රහණයකි.

            මෙම පාසල තාක්ෂණික අංශයෙන් කෙතරම් දියුණුවක් ලබා තිබේද යන්න පිළිබිඹු වන්නේ ෆයිබර් තාක්ෂණය ලබාගැනීමත් ඒ තුළින් සුහුරු පන්තිකාමර පහසුකම් දරුවන්ට ලබාදීමත් තුළින්ය. එමෙන්ම පාසල ජාතික පාසල් සංකල්පය යටතේ ජාතික පාසල් 1000 ක් අතරට තෝරා ගැනීමද සිදුවිය.

            පාසලේ ප්‍රාථමික හා ද්විතියික අංශයන්හි වාර විභාග වලදී තුන්වන වාර පරීක්ෂණයේදී ලබාගත් ලකුණු අනුව සිසුන් වර්ගීකරණය කරමින් ශ්‍රේණිවලට ඇතුළත් කර එම ශ්‍රේණිවල සියලු සිසුන්හට සම අධ්‍යාපනයක් ලබාදීමට පියවර ගනු ලැබීය. එය වර්තමානයේද ක්‍රියාත්මක වෙමින් පවතී.

           

 

ආරම්භ කළ වර්ෂය

1933 ඔක්තොම්බර් 01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

315

මුල් ගුරුතුමාගේ නම

මාර්ටින් වැන්මැස්ලර්

පාසලේ ආදි කතෘගේ නම

 ආර්.පි.තේමියා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

රදාවඩුන්න බප මිනු සිරිමිහිදු මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

පැලිස් මහතා

පාසල රජයට පවරාගත් දිනය

1933 නොවැම්බර් 01

පාසල පැවැත්වූ ස්ථානය

නුවර,කොළඹ ප්‍රධාන මාර්ගය අසල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එම්.ආර්.සුමනතිස්ස

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එම්.පී.සුමනාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1933 ඔක්තෝම්බර් 03 දින