ස්වදේශ ආලය - ජාත්‍යානුරාගය
අප හද නොනිමෙන සේ දල්වා
අබෙසේකරගම විදුහල් මාතා
සැරදේ සැරදේ සැරදේවා...//
ලෝ කතරේ මග පෙන්වන තරුවයි
සිප් සයුරේ ඉම දක්වන ඔරුවයි...//
කීර්ති ප්රභාවිත නිල්මිණි පහනයි
මෑණියනේ අප ජීවය ඔබමයි...//
ස්වදේශ ආලය......
වීර විකුම් හෙළ සුරුවන් විරුවන්
ඥාන නදී බඳු පඞුවන් කවියන්...//
දෑ හිතකාමී ගොවි කම්කරුවන්
බිහිවේවා පෙම්බර මව් තුරුලේ...//
ස්වදේශ ආලය......